SL HipHop Music YUKI's FULL INTERVIEW ~ SL Hiphop Music

YUKI's FULL INTERVIEW


Yuki, komudu Studio, drill team, sl hiphop,



වර්තමාන ශ්‍රී ලාංකේය සංගීතය අගාධයකට යන අවධියක තරුණ පරපුරේ වෙනස් නිර්මාණ කරන පුද්ගලයින් සිටින්නේඉතාමත් අල්පයයිමුදල් පසුපස , ජනප්‍රියත්වය පසුපස හඹා නොගොස් අර්ථාන්විත ගුණාත්මක නිර්මාණයන් කරන පිරිස අතරින් අද SLHipHop අපගේ කතාබහ " යුකී " හෙවත් " යුක්ති ප්‍රබුධික නවරත්න " සමඟයි

කවුද මේ "යුකී" කියන්නේ?

මම නමින් යුක්ති ප්‍රබුධික නවරත්න . මහනුවර තමයි මම හැදුණේ වැඩුණේපාසල ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයපුංචි කාලේ පාසලේ නර්තන කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළාපාසල තුළ සංගීතය හැදෑරීමක් කළේ නැහැඅවුරුදු 5ක් නර්තන තරඟවලින් සමස්ත ලංකා ජයග්‍රහණ ලබලා තියෙනවාඉතිං දවසක් අපේ ගෙදරට අයියා පරිගණකයක් අරන් ආවාඑයා Software වලින් පොඩි පොඩි සංගීත නිර්මාණ කරන්න පටන් ගත්තාඑතකොට තමයි මටත් ඒකට කැමැත්තක් සහ උනන්දුවක්  ඇතිවෙලා සංගීත නිර්මාණකරණයට යොමු වුණේදැනට මගේ සම්පූර්ණ කාලය  සංගීතය වෙනුවෙන් යොදවලා තියෙන්නේ.

    ඔබ ගායකයෙක් ? Rapper කෙනෙක් සංගීත නිර්මාණ ශිල්පියෙක් නළුවෙක් ?  
    ගී පද  රචකයෙක් ?
ඔය කවුරුත්ම නෙවෙයිහරිම සරල තනියම ඉන්න කැමති කෙනෙක් තමයි මමඔය කියන හැකියාවන් හැමදේම  තියෙනවාඒකෙන් කියන්නේ නැහැ මම හැමදේකටම දක්ෂයි කියලා.   වුණාට මට තනියම ගීතයක් ලියලා හදලා ගායනා කරලා කිසිම   වියදමකින් තොරව Youtube Upload කරලා මුදල් උපයන්න පුළුවන් .

ඔබ මුලින් ක්ෂේත්‍රයේ විවිධ පුද්ගලයන් සමඟ වැඩ කළාට ඔබ කරළියට 
එන්නේ මෑතකදීමොකක්ද ඒකට හේතුව ?

මම කළින් ක්ෂේත්‍රයේ දැනට ජනප්‍රිය අයත් සමඟ වැඩ කරලා තියෙනවාමෑතකදී  DrillTeam හී හසංක වික්‍රමරත්න සහ රවී ජයවර්ධන ගේ හමුවීමත් සමඟ බොහෝ දෙනා මගේ දක්ෂතාවන් හඳුනාගත්තාවස්ති හා DrillTeam සමඟ වැඩ කරන්න  
ලැබීම මගේ සංගීත දිවියේ හැරවුම් ලක්ෂයක් බවට පත්වුණාඊටත් කළින් මම 
නිර්මාණය කළ " මට තාම දැනෙනවා " ගීතයට අදටත් බොහෝ දෙනා 
ආදරය කරනවා.

ගායකයෙක් , ගී පද රචකයෙක් සහ සංගීත නිර්මාණ ශිල්පියෙක් විදිහට 
යුකීට සෑහෙන්න ගැහැණු ළමුන්ගේ ආකර්ශණයතියෙනවාඒත් ඔබ ලියූ ගීතවල සැඟවිලා තියෙන්නේ විරහවමොකක්ද ඒකට හේතුව ?

ඔව් මම මගේ ගීතවලට ඇතුළත් කරගත්තේ මගේ අත්දැකීම්පාසල් කාලයේ ලබපු  විරහ අත්දැකීම තමයි මගේ ගොඩක්ගීතවලට පාදක වෙලා තියෙන්නේ.

රැල්ලට ගුණාත්මකභාවයකින් තොරව නිර්මාණ බිහිවෙන අවධියක 
සම්ප්‍රදායෙන් ඔබ්බට වෙනස් වූ නිර්මාණයන් කරන්න හිතුවේ ඇයි

මම එහෙම සම්ප්‍රදායෙන් ඔබ්බට යන්නවත් සම්ප්‍රදාය කඩන්න ඕනේ කියලා 
හිතලාවත් නිර්මාණ කරේ නැහැමට තව කෙනෙක්ව සතුටු කරන්න නිර්මාණ 
කරන්න අවශ්‍ය වුණෙත් නැහැමට අහන්න පුළුවන් මගේ ඔළුවේ රැදුණු මම කැමති විදිහේ නිර්මාණ තමයි මෙතෙක් මම කළේඅනිත් නිර්මාණවලට සාපේක්ෂව ඒක වෙනස් නිසා මිනිස්සු අතරට යන්න ඇති කියලයි මගේ විශ්වාසය

ඔබ හිතනවද ඔබලගේ නිර්මාණ වලින් ලංකාවේ දැනට අගාධයකට යන සංගීත කලාව ඉහළ මට්ටමකට ගන්න පුළුවන් කියලා

ඉහළ මට්ටමේ නව නිර්මාණ වැඩිපුර බිහිවෙනකොට රැල්ලට බිහිවෙන නිර්මාණ 
අහන අය ටික ටික අඩුවෙනවාහොඳම දේ ගුණාත්මක බවකින් යුතු නිර්මාණ 
වැඩියෙන් බිහි කිරීමයිහැබැයි සමහර ගායකයෝ ඉන්නවා ඉන්නවා රැල්ලෙන් 
මිදෙන්න අකමැති අය අය ඉල්ලන්නෙම පරණ රැල්ලටම අලුත් නිර්මාණ ක්‍රමය සාර්ථක නැහැ

ලංකාවේ සංගීත නිර්මාණ ජාත්‍යන්තරයට ගෙනියන්න අවශ්‍යයයි කියලා ඔබට හිතෙන්නේ නැද්ද?

ඔව් මගේ එකම අරමුණ ජාත්‍යන්තරයට යන නිර්මාණයක් බිහි කිරීමයි
 වෙනුවෙන් අපි අලුත් දෑ අධ්‍යයනය කරනවා.වෙනත් රටක කෙනෙක් 
මගේ නිර්මාණයක් රසවිඳිනවානම් ඒක ඇත්තටම වටිනවාඅලුතින් බිහිවෙන 
නිර්මාණ ගුණාත්මක බවින් ඉදිරිපත් කළොත් අනිවාර්යයෙන් අපිට ජාත්‍යන්තරයට යන්න බැරිවෙන එකක් නැහැ.

ලංකාවේ පවතින සමාජ ක්‍රමය තුළ ගායකයෙක්ට සංගීත නිර්මාණ 
ශිල්පියෙක්ට නියමිත වටිනාකමක් ලැබෙනවා කියලා ඔබ හිතනවාද ?

කොහෙත්ම නැහැවෙනත් රටක මාධ්‍ය ආයතනයක කෙනෙක්ගේ නිර්මාණයක් 
පළ කරනවා නම් අදාළ නිර්මාණයේ හිමිකරුට ගෙවීමක් සිදු කරනවා
නමුත්  කාළේ සිටම අපේ රටේ එහෙම ක්‍රමවේදයක් ක්‍රියාත්මක වුණේ නැහැ
අතීතයේ හිටපු ක්ෂේත්‍රයේ දැවැන්තයින්වත් මේ පිළිබඳ කිසිම උනන්දුවක් දක්වලා නැහැඑකෙන් ඉදිරියට එන අයටත් තමන්ගේ නිර්මාණ වලටත් කිසි වටිනාකමක් නැති වීමයි වුණේ.  අඩු තරමින් නිසි පනතක් හෝ සම්මත 
කරගත්තා නම් නිර්මාණකරුවන්ට සාධාරණයක් වටිනාකමක් ඇතිවෙනවා වගේම ඉදිරියට අලුත් නිර්මාණ කරන්නත් බොහෝ අය පෙළඹේවි

කාලෙකට කළින් යුකීගේ අතින්ම ලියවිලා සංගීතය නිර්මාණය කරලා 
ඔබම ගායනා කරපු ගීත අපි ඇහුවාමෑතකදී අපිට එහෙම අහන්න 
ලැබුණේ හරිම කලාතුරකිනින්ඉතිං ඉදිරියට තියෙන ඔබගේ නිර්මාණ මොනවාද ?

මමත් ක්ෂේත්‍රයට ආපු මුල් කාලේ රැල්ලට අහුවෙලා හිටියේඒත් ඒවගේ නිර්මාණ 
කිසිම තේරුමක් නැහැ කියලා මටමතේරුණාහැමෝම කියනවා වගේ අර මල් සිංදු වගේ ඒවානම් කොහෙත්ම කරන්නේ නැහැඅලුත් විදිහට නිර්මාණය වුණු ගීත 4ක් 5ක්  එන්න තියෙනවාවීඩියෝ කරන්න තරම් ආර්ථික මට්ටමක් නැති වුණත් අලුත් ගීත කිහිපයක් ඉදිරියේදී ඔබට අහන්න ලැබේවි

මේ ආපු ගමනේ තිබුණු බාධක මොනවද?

මට ඉතිං පටන් ගත්ත දවසේ ඉඳලා තිබුණේ බාධක විතරයිකාලයඋපකරණ 
නොමැතිකම කළින් බාධාවක් වෙලා තිබ්බා.දැන් නම් සම්පූර්ණ කාලය වෙන් කරලා තියෙන්නේ සංගීතය වෙනුවෙන්ඒත් මුදල් අරමුණ කරගෙන රැල්ලට ගීත 
නිර්මාණය කරන්නේ නැහැරැල්ලට නිර්මාණ කරානම් අද මමත් සැපවත් ජීවීතයක් ගත කරනවානමුත් එහෙම නොකරපු නිසා මුදල් නොමැතිකම 
බාධාවක් වෙලා තියෙනවා

මේ බාධකත් එක්ක ඔයාව මේ තත්ත්වයට ගේන්න කවුද උදව් කරේ ?

මගේ යාළුවෝ නිසා තමයි අද මම මේ තත්ත්වයේ ඉන්නේමාව වට්ටපු අයත් හිටියානමුත් මාව මේ තත්ත්වයට ගෙනාවෙත් මාව ඉදිරියට ගෙනියන්නත් ඉන්නේ මගේ වටේ ඉන්න යාළුවෝ ටික තමයිඒවගේම මගේ අම්මා තාත්තා අයියා 
ගොඩක් ආදරෙන් මතක් කරනවා.

ඔබ වගේම තවත් දක්ෂ පිරිස ඉන්නවා ඉදිරියට එන්න අවස්ථාවක් නැතුවඔබට ඔවුන් වෙනුවෙන් කියන්න තියෙන්නෙ මොනවාද ?

අනුන්ගේ පහනින් එළිය නොබලා තමන්ගේ දක්ෂතාවයෙන් හොඳ නිර්මාණ 
බිහිකළොත් තමන්ට තමන්ගේ මාර්ගය පාදාගන්න පුළුවන්කළින් වගේ නෙවෙයි 
දැන් ටික ටික ගුණාත්මක නිර්මාණ බිහිවෙනවාඒවා පෙන්නන්න අවස්ථාත් 
තියෙනවා.මම හිතනවා ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ ඉදිරියට ඉතා හොඳ කාලයක් උදා වෙයි කියලා

කතාබහ සහ සටහන : දිළිණි උදාරි
Published By - Chathura jayasanaka

Previous
Next Post »