SL HipHop Music ශ්‍රී ලංකාවේ දැවැන්තම මියුසික් වීඩියෝව IRAJ ගෙන්. ~ SL Hiphop Music

ශ්‍රී ලංකාවේ දැවැන්තම මියුසික් වීඩියෝව IRAJ ගෙන්.

ශ්‍රී ලංකාවේ දැවැන්තම මියුසික් වීඩියෝව IRAJ ගෙන්. වියදම මිලියන 
15යි.!
ජනප‍්‍රිය ගායකයෙකු වන ඉරාජ් වීරරත්න කාලයෙන් කාලයට විවිධ නිර්මාණය සිදු කරනවා. ඒ අතරින් පසුගිය කාලයේ කළ ‘‘ මනමාලි ’’ ගීතය ඉතා ජනප‍්‍රිය වුණා. ඉරාජ් මිලියන 15 ක් වියදම් කර නව වීඩියෝ පටයක් එළිදැක්වීමට සුදානම් වන බවට වාර්තා වුණා.
ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ අදාළ වීඩියෝව සඳහා රුපියල් මිලියන 15 ක් වැය වූ බවයි. එම වීඩියෝව සඳහා ඇමරිකාවේ ජනප‍්‍රිය ගායකයෙකු වන Sean Kingston සහ Bollywood ගායිකා Sonu Kakkar , ජනප‍්‍රිය ගායිකාවක් වන Indira Joshi එකතු වී තිබෙනවා.මෙම වීඩියෝව ශ‍්‍රී ලංකාවේ මෙතෙක් කළ දැවැන්තම වීඩියෝව ලෙස සැලකෙනවා. ඉරාජ් පවසන පරිදි මිලියන 15 ක් වියදම් කර ශ‍්‍රී ලංකාවේ සිදු කළ ප‍්‍රථම ගීතමය වීඩියෝව මෙය වනවා. මෙම වීඩියෝව මෙම මස 10 වනදා එලිදක්විමට නියමිතයි. මෙම ගීතය භාෂා ගණනාවකින් රටවල් 4 කට නිර්මාණය කර ඇති බවයි ඔහු වැඩි දුරටත් පැවසුවේ.(Rawtv වෙබ් අඩවියෙන් ගත් තොරතුරු වේ.)
ඉරාජ්ගේ සින්දු කිහිපයක් 
Download Iraj's Mp3 Songs Free

Previous
Next Post »